රැකගන් පුතූනි

රැකගන් පුතූනි

චාන්දනී ආර් වේරගල මීගොඩ

හිස පළදවා මව් පදවියෙ කිරුල මිණී පියෙකුගෙ දෙනෙත් තුටු කඳූලින් නහවමිණී පුන් පෝ දිනක උණුසුම් තුරුලට පැමිණී මට පුන් සඳක් විය මගෙ සුන්දර දියණී මගෙ සඳ සරසවා රන් මිණි මුතු. බරණින් මොලකැටි වළා සුදු පැහැ පට සළු පිළියෙන් දෑඟිලි පටලවා නහවා රන්. දියරින් පතිනිය කර එවමි කුලගෙට සිත අදරින් සඳටත් එළිය දෙන දිනිසුරු පහනක් වී කළු වැහි වලා දුරලන මුදු. සුළඟක් වී සැමදා රැඳෙන සඳ වට සඳ. මඬලක් වී රැකගන් පුතුනි මගෙ සඳ නිල්. අහසක් වී Photo Credit; Hector Reyes
කවිය බලන්න