දෑඟිලි අතර සිරවුණ තෙලි තුඩග
දෑඟිලි අතර සිරවුණ තෙලි තුඩග අගින්
මට නුඹ පෙනේ යලි රිදවන මතක ගෙනත්
ඉඳ හිට නුඹ පබඳින කවිය තුලත්
මට හැඟෙනවා මා නුඹ තුල හිඳින බවක්
ඉඩෝරයක කෙලවර දකිනා පොදක
දූවිලි සුවඳ දැනෙනා හුස්මක තදට
පපුවට සිහිල් සුළඟක් වැදෙනා රැයක
නිකමට සිහිවුනා නුඹ ලියු පදයක් කවක
සුළඟට ඇරුණු කව්ළු අතරින් රැයක
හිමිහිට ඇවිත් හිස අතගා කිව් කවක
පද ගිලිහිලා මා අමතක වූ දිනෙක
තරුවක් හිණැහිලා ගිය බව සත්තද රැයක...
Phot Credit; Klemen Vrankar
කවිය බලන්න
