අපි එකම ජාතියෙ
මමත් අයියත් කාරෙකට ගොඩ වෙනවා
සෙනසුරාද තාත්ත එක්ක කෝවිලට
ඉරිදා අම්මා එක්ක පන්සලට
සතුටින් එහි මිතුරන් සමග ගත කර ගෙදර ආවත්
හිතට දුකක් අම්මා ගේ
තාත්තාගේ
නන්නාදුනනා වන්දනා ක්‍රම
වඳිනා විට බුදුන්ට
ගාථා එක්කම මතක් කෙරුවෙමි
ඒ දෙන්නව ආයෙත් යාලු කරදෙන ලෙස
ගණ දෙවියනි ඔබටද වැඳ මා කීවේ
ඔවූන් සමගි කර දෙන ලෙස
සාදු සාදු පිහිටයි අපි හැමෝටම
කිවුවේ ඒ කාලේ රෑට වඳින වේලාවට
අදත් අපි ඉතීපීසෝ ගාථාව
සාදු පිහිටායී දඩීබීඩී ගාලා කියනව
අම්මට ඉතිං හීනා
කිසි දෙයක් තාත්තා දන්නේ නෑ
ඒයා මහන්සි වුනා අපෙන් ඈත් වෙලා
අපි හැමෝම ලැබෙන විදියට ජීවත් වෙන්න වුනත්
ඉගෙන ගත්තත්
පේනවා ගොඩක් අත හැරුනු තැන්
දෙවිවරු නම් ඉන්න බව දැනෙනව
පිරිත් ගාථා වල බලයකුත් තියෙනවා
ඒත් ඊට වඩා සමභර මිනිස්සු ඛල සම්පන්න වෙලා
කවිය බලන්න
