දඩබ්බරයාට චරිත සහතිකයක්
නැගලා පාසල් වහලට
හැදුවා තෙමෙනා දවසට
නැමිලා බර අතු ඇතිකොට
කැපුවා හිතලා හනිකෙට
තරඟෙට දුවනා අය හට
අඳිනට නෙක ඉරි පිටියට
අන කට කලියෙන් දැක සිට
හැම හට බැරි විය එලෙසට
සගයෙකු අනතුර දුටු විට
දඟයෙකු වුව ගෙන දෙඅතට
හුඟ අය වන තැන පසුබට
මග තැනු සුවයට හනිකට
ඉඳ හිට කෑ කෝ ගැසුවට
යම් විට අත පය වැනුවට
එය වුව අන් අය වෙනුවට
දොස එනමුදු විය නුඹ හට
සා පෙළ හරියට නැතුවට
උස් මිනිසත් වග මොනවට
ඒත් සහතිකේ කොතැනට
මේවා ලියනුයෙ කොහොමට?
කවිය බලන්න
