පුතුට මගේ
මිනිසත් කම යතොත් පුතේ
උගතෙක් වුව පලක් නැතේ
යහපත් කම දරන් හිතේ
හැදුනොත් මුතු මැණික් අතේ
මුදලක් වෙත ලොබින ලොලා
වරදක් දැක ඉවත බලා
සිටියොත් දඬුවමට නොලා
දහමත් යයි උරන වෙලා
දරමින් දැඩි තමන් මතේ
පෙලමින් සිත් මතින් විතේ
ගිලිහෙත් නැණ නුවණ් හිතේ
පිරිහෙත් මනු ගුණත් වතේ
බලයට ලොබ බැඳ ගනිතොත්
නිලයට උඬගුව සිටියොත්
නියතය මනු ගුණ ගිලිහෙත්
සුගතිය නුඹගෙන් හැරයත්
Photo Credit ; Arthur Harutyunyan
කවිය බලන්න
