සෙල් කවි 6 - ආං ඒක හොඳා!

සෙල් කවි 6 - ආං ඒක හොඳා!

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

අදත් ආවේ අනේ ආයිබෝං අපේ ගමට කිව්වත් වාගෙ ඔිං සං වර්දන වැඩ බිම්වල අනාතනාත -තානතාන තැං තැංවල කලබගෑනි අම්මප මොටද කියල දුන්නෙ මේ ඇත්තං ඒ දිනවල... කොරන්ට කිසි ම දෙයක් - නැද්ද බොලල්ලාට වෙනත් උන්ගෙන් උගෙන ගත්තු - දේවල් ඔය පංති ගිහින් ඇත්තක් ඇති සැටියට - නොකිව්වාට ගමට ඉතින් බොරුවත් ඇත්තක් ලෙසට ම - හැකි වේවි ලු කියන්ට දැන්... අත්තලටත් මුත්තලාට - එහාට ගිය කිරිකිත්තල නත්ත පනත්තල කාලෙත් - නොතිබුණු යැයි කියන නීති “පරබූවරු” ගන්නට ඒ - නැති නීතිත් පණ ගන්වල බලන්නට එපැයි ගුරම්පියෝ - මුන්ගේ අලුත් නීති බොටයි මටයි උන්ටත් එක - වගේමයි ලු ගෙනා රීති... කිව්වට ඒ කාලෙ අගක් - මුලක් නොදැන උගෙන ගත්තු ලිහා ගන්න ගිහින් තමයි - දඟලන්නේ වලේ සත්තු ගලපිටම`ඩ විදානයත් අල්ලල - දැන් සිපිරි ගෙයි ලු සුකුරුත්තං රාළ අල්ලගෙන - උන්දැත් හිරේ යාලු... එකා එකා අල්ල අල්ල - බානව දැල දම්මා සේ තෝරු මෝරු පරා පැටව් - අහුවෙනවා පොකුරක් සේ කිව්වට තරහා ගන්නට - කාරි මොකද මේ මැස්සේ කූනිස්සන් හාල් මැස්සො - හරි ලාබෙට ඒ අස්සේ... අනේ ආයුබෝං රාළහාමි - මොකද මේ පැත්තේ කවදාවත් ගෙදරින් එළි බැහැල ගමනකුත් නැත්තේ හදිස්සි ගමනක් ද නොවෙයි - නං පොදු වැඩකට මත්තේ ගස් ගණින්නවත් ද කඩන - කොස් පොල් දෙල් පැල වත්තේ... හැම දෙනාට කාල බීල - ඇඳල ඉන්න රටක් ලු බං බොහෝ උගත් උපා දි ඇති - අය රට කොර වන වලු බං අනේ ඉතිං අපේ පිනට - පහළ වුණේ මේ අය බං රට කෑවයි කියන්නෙ ඔය - හැත්ත එකේ කැරැල්ලෙ බං... මං නං ඒ මොකුත් ම දන්නෑ - ගබිලිං අයියෙ ඉතිං ඔිවට හූමිටි තියලා - ලගින්න වෙයි සුපිරි තැනිං උන් කළාට උන් ලොක්කෝ - අං අය හැම දෙන සොක්කෝ පහත් තැනිංමයි කවදත් - ගැලුවෙ වතුර දනු කුක්කෝ... පටන් ගත්ත තැන පසු කර - යන යන දෙස ඇඹරි ඇඹරි කළ කී දෑ හොඳ නරකට - සැඟවෙයි තැන මිරිකි මිරිකි අට ලෝ දහමත් නීතිය - කුමන නීති ඉපදි ඉපදි ආවත් ඒ නීති යටයි - ඇත ලෝ දම කැරකි කැරකි!!! 2025.09.01
කවිය බලන්න