දෙවටගහ වළව්ව

දෙවටගහ වළව්ව

දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය පානදුර

කරදිය සුවඳ මුසු දුවන වැහි කෝඩයක් ගාලු මාතර පාර පැන දෙවටෙන් වළව් වත්තට වියපත් පිච්ච වැල යටින් පරඩැල් පතක් සේ මතුවු පොඩි හාමු නෝනා පොරබදයි වහන්නට ජනෙල් පියන් වහද්දී එකක් වදියි තවෙකෙක් බොල් හඩක් නංවමින් නමුඳු නොඳැනෙයි ඒ කිසිත් සමර ගැලවුන බිත්තියට සයනයේ පොරෝනාවක්සේ වැහැරී වැතිර සිටි වාරු නැති ලොකු හාමු නෝනා අවදිව අසයි වෙව්ලුම් හඩකින් " කව්ද ඔය ඔතන ජනේලය ළග පොල් ගන්න ආ කෙනෙක්ද හිටිං මං එනකන් කාරි නෑ එක්කො පොඩි හාමු ගෙන් අහපන් සීලා සීලා කෝ මේ කෙල්ල ගනින් අත්වාරුව දැන් හොරු හැමතැනම අමතකද බොලට මේක දෙවටගහ වළව්ව " දිරාපත් සිහල උළු වහලෙන් කඳුළු බිඳු සේ වැටෙන වතුර බිඳු වලකන්න මුට්ටි කල්දේරම් තැනින් තැන තබමින් පිලිතුරු නොදෙන සීලා කිමිදෙයි දෙවටගහ වළව්වේ මතකයන් තුල " මුහන්දිරම් හාමුගේ කාලයේ සිට අප්ප මුත්තලා කල මෙහෙය අත්නොහැර තනි අතින් අල්ලන් දිරාගෙන යන හැටි වළව්වෙම සිය කය ද හැරුණු කොට වළව්වේ හතර කොන පොල් ඉඩම් කුඹුරු බඩ ඕවිටි සියල්ලම විකුණු වග සුදු හාමු රට යන්න කලියෙන් තම්බි මුදලාලිට දන්නෙ නැත වගක් එහි ලොකු හාමු නෝනා කියන්නෙත් නෑනෙ එය පොඩි හාමු නෝනා " වැහි කුණාටුව දැන් සැරෙන් තඩි බායි වලව්වට විඩාපත් පොඩි හාමු නෝනාත් ඇළවිය කවිචියේ අවසාන " කව්ද ඔය ඔතන ජනේලය ළඟ පොල් ගන්න ආ කෙනෙක්ද හිටිං මං එනකන් කාරි නෑ එක්කො පොඩි හාමුගෙන් අහපන් සීලා සීලා කෝ මේ කෙල්ල ගනින් අත්වාරුව දැන් හොරු හැමතැනම අමතකද බොලට මේක දෙවටගහ වළව්ව " නොනැවති මොරදෙයි ලොකු හාමු නෝනා වැහි කුණාටුව මැඳින්
කවිය බලන්න