රන්දෝලි පෙරහැර

රන්දෝලි පෙරහැර

සරෝජනී දිල්රුක්ෂි පෙරේරා

තුටු කරන් සැම, වීදියේ රජ, රන්දෝලි පෙරහැර ඇදෙනවා රැජින හෝටල සඳළුතලයේ, ප්‍රභූ ඇස්, එය විඳිනවා නේක සළු අභරණින් සැරසී, දෙපා වීදිය සිඹිනවා රිදෙන දෙපයෙන් මැවෙන තාලය, දැයේ උරුමය රකිනවා දවුල්, බෙර ගිනිකෙළි මැදින් මෘදු ස්වේත පාවඩ එළනවා සිරි සධාතුක හිමි බැතින් ගෙන ඇත් රජුන් ඒ මත වඩිනවා බරණ සූසැට පැළඳ ඇති, නැති, මෙහෙවරක තතු කියනවා මඟුල් සක්වල අසිරි මතුකොට ඩා බිඳිති බිම සිඹිනවා වීදියේ එක තැනක මා ප්‍රිය සොඳුර, පෙරහැර බලනවා "තත්තා නටනවා" කියමින්, මගේ පණ, හඬ නඟනවා වැයෙන බෙර පද තාලයට නෙත කඳුලු බිඳුවක් වැටෙනවා පෙරහැරේ හැඩ, අපේ අගහිඟ ජිවිතේ දුක නිවනවා
කවිය බලන්න