තාත්තේ

තාත්තේ

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

කන්ද සමනොල වගේ හිඳිමින් පතුළෙ උල්පත් හංගලා වින්ද දුක ගැන කිසිත් නොකියම බෙදුව සිසිලස හිනැහිලා වැන්ද මහ සෑ කොතත් පරදා තිබුන දරුපෙම ඉතිරිලා මන්ද නොදනිමි මතු බුදුන් වන කාරණාවෙන් ගිලිහිලා මහා තුරු හිස් වගේ උහුලා අව්ව වැස්සෙන් වළකලා කතා නැතුවත් එකම බැල්මෙන් සිතේ බය සැක දුරු කළා දරාගන්නට බැරිම තැන්වල සිටින හැටි හැම ඉවසලා කියා දුන්හැටි තවම පුදුමයි ගන්න බැරි මට අදහලා සේම සැමදේ අනියතයි යන කාරණා මට පහදලා බෝම දුරකට ගියා නොකියම යළි නොඑන්නම පියඹලා කෝම ඉවසන් ඉන්න හැදුවත් සොබා දහමට නතුවෙලා තාම කඳුළින් දෑස තෙත්වෙයි තාත්තේ ඔබ සිහිවෙලා
කවිය බලන්න