ඩොක්ටර්  සත්‍යනාදන්

ඩොක්ටර් සත්‍යනාදන්

දිමුතු ප්‍රසාද් උඩුගමසූරිය පානදුර

තල් ගසක් මෙන් සවිමත් පොල් ගසක් මෙන් සුවපත් පිච්ච මල් මෙන් සතිමත් නොවෙයි හේ කිසි දිනෙක වියපත් පුනරීන් කළපුවෙන් හමා එන සුළගට යොමා නාවක්කුලියෙ නග්න පපුතුර හැඩට මවා මඳහසක් මුව බංඩි ගොයමට ලංව කතාබහ කරපු හැඩ පුංචි දරු කැළට මෙන ක‍ඳවුරේ පිවිසුමට ඉහත්තෙන් යොමා මුව නුඹේ නිවහන විය වෙඳ හල ද එයම විය යාල්පානම නිවෙන බොහෝ වරු වල හවස දිඟ ඇදුනු කතාබහ යාල්දේවි ට දිගය බයිබලය කුරාණය වේදයෙන් නොනැවතී පන්සියය පනස්පස් ජාතකය කියාදී කහට බොමු කැප්ටන් තල් හකුරු කියද්දී දුටිමි ඉරබටු තරුව පෙරඹරෙහි සිනාසී බලාගෙන ඔය ඇසුර පුල්ලි වෙයි නොවෙනස් ඉඳහිටෙක කී නමුඳු කෙනෙක් වී උදහස් පෙරමුණ ට යන තුරා පිරුණු ඒ මදහස් ඇසුරෙ විය අද ද හද නිවන සුව බෝසත්
කවිය බලන්න