පණ ගැහෙන පෙම

පණ ගැහෙන පෙම

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

මතක ගසින් මිහි මත පත් වියළි කොළ අතක දරාගෙන එහි බර දරන කල කවක වගේ අහසේ ඒ මුහුණු මල හඳක වෙලා විත් කළඹයි සිහින විල එදා ඉඳන් හිතුවත් එක තැනක ඉඳ සදා දෙතැන හිතුවිල්ලෙන් පලක් වෙද බදාගෙන මෙතෙක් ආ ගිය පැතුම් කඳ නිදාගෙනය තාමත් සෝ සුසුම් මැද අතට ලැබුණ දේ ගිලිහී යන්න ගියේ ඔබට වරද නොදෙමී එය ළඟම තියේ ළඟට ඇවිත් පෙළහර පෑ හැකි ද ලියේ දැනට අහිමි මුත් පණ ඇති පෙමකි ළයේ
කවිය බලන්න