රෝග දුක් බිය ඉගිලයත්වා ...සෙත් කවි ...........

රෝග දුක් බිය ඉගිලයත්වා ...සෙත් කවි ...........

අනූ දෙල්තලාව ජෙරුසෙලම - ඊශ්‍රායල්

යුද්ධ කරනට ආව බිම්බර සෙනඟ පලවා හරිමිනා... සිද්ධ මුණිඳුන් එදා බෝමුල බුදුබවට පත් බලයෙනා... වැද්ද ඇතිමේ වදුරු උවදුරු වසංගත සැම දුරුවෙනා.. සුද්ධ ගෞතම සමිඳු බලයෙන් සියළු සතහට සෙතදෙනා.. ඝෝර සසරේ සොලොස් කප් ලක්ෂයක් පිරුදම් කුළුනිනා.. සාර සංඛය පෙරුම් පුරමින් ගත්තෙ විවරණ බැතියෙනා.. මාර සෙන් බිඳ දෙව් මිනිස් හට දෙසූ දම් කඳ සතොසිනා.. ධීර මාහිමි උතුම් සමිඳුගෙ ගුණෙන් පිරිපත දුරුවෙනා.... යාග හෝමද බලි තොවිල් වල මුලින් මුණිබල කියැවුනේ... දෙව් බඹුන් හා යකුන් යකිනන් එමුණි ගුණයට පැහැදුනේ.. ඇස්ද හිස් මස් ලේද දන්දී ලැබුව සම්බුදු බලයෙනේ.. රෝග දුක් බිය ඉගිලයත්වා තුන් ලොවට සුව දෙවමිනේ..
කවිය බලන්න