වේදනාව

වේදනාව

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

සඳ නැග එද්දි සැන්දෑවට පැල් පතට මඳ අඳුරේ සිහින දුටුවා ඇගෙ රුවට බෝ කල් ගතව ඇය ගිය පසු නගරයට මුළු ගම අඳුරු වී යැයි සිතෙනවා මට පුන් සඳ පවා වසමින් නැඟේ කළු වලා පන්සල දෙසට යන විට එයි මතක ගලා ඇය ළඟ ඉඳන් බෝධිය යට සිනහ සළා ගිය හැටි සිහිවෙද්දි එනවා කඳුලු ගලා පංතියෙ දිනපතා උදයේ හමු වීලා කළ කී කතා නිම නැත එයි සිතට ගලා ගුරු තුමියගේ අවවාද ද ඉවත හෙලා ඔබ කී වදන් සිහිවී යයි කඳුලු ගලා මා තනි කරල ඔබ අද හොර රහසේම කෙළසා ආදරය යන ඒ සොඳුරු දම යන ගමනට පතා සුබ මා ගම මැදම හිනැහෙන ඔවුන් වෙත කරනෙමි සමුදීම Photo Credit;Gwyn Hay
කවිය බලන්න