පතිනියකවූ මගෙ දුවට...!🌹🌹🌹💖💖💖

පතිනියකවූ මගෙ දුවට...!🌹🌹🌹💖💖💖

ලලනී ගීකියනගේ රත්නපුර

හිසේ කිරුළු නොදැරූ.. දිවි පෙවෙතට....! කුසේ ඉඩක් ලැබුනා.. පෙර පිනකට....! හිතේ මලක් පිපිලා... විල් තෙරකට.....! සෙනේ ගඟක් ගැලුවා මගෙ දෝතට...!💖 වනේ පිපුන.. වන මල් හරි සීතට.....! ගෙනේ සුවඳ ..විහිදා දුර ඈතට.....! දැනේ මහද ...ඉතිරෙන ගී මිහිරට....! සෙනේ ගඟක් ගැලුවා මගෙ දෝතට....!💖 සඳ වතුරෙන් නහවා .. රැස් මිහිපිට...! පිනි කඳුලින් දෝවා.. දුන් සුරතට...! විඳ සතුටින් ඔසවා.. ජය දද පිට... ! සෙනේ ගඟක් ගැලුවා මගෙ දෝතට....!💖 මද පවනින් සැලෙනා.. මල් ගොමුවට....! වැද රඟනා විහඟුන් ... හරි හරියට...! සිඳ දොම්නස් සිත් ... සතුටින් පේ කොට..! සෙනේ ගඟක් ගැලුවා .. මගෙ දෝතට...!💖 වැවේ කළල් දිය.. නොඇලී දියපිට....! සුවේ නෙළුම සුපිපී... හිනැහෙනකොට..! දුවේ ! රුහිරු , කිරි වූ ... අරුමයකට...! සෙනේ ගඟක් ගැලුවා.... මගෙ දෝතට....!💖 බැඳ සුළැඟිලි රන් ..හූයෙන් තදකොට..! හද පුරවා දෙඅතට... පැන් වත්කොට...! පුද කරවා සත්.... පත්තිනි මෑණිට....! සෙනේ ගඟක් ගැලුවා මගෙ දෝතට...!💖 හතර වරිගයම ..කැන්ඳා එකවිට..! නිතර කතා.. බත බුලතට එක්කොට.. ! පවර ගුණය.. රන්ඳා බැඳි සිත්යට...! සෙනේ ගඟක් ගැලුවා මගෙ දෝතට...! එපා දුවේ.. හිරිකඩ සේලය මට...! කිරි කළ හත.. බිව් ණයට හිලවුවට...! " මමයි දුවට ණය.." භවය පුරාවට....! සෙනේ ගඟයි "දියණිය " සැමදා මට...!💖💖💖 වනේ ගිජිඳු සේ ..රැකි ආලයකට..! ගෙනේ සතුට ..නිම්හිම් නැතුවා මට.. ! දුවේ ! නුඹේ අයිතිය... පවරා හෙට..! කිරුළ පලඳවමි "පුතුනි! නුඹේ ගෙට.!" ආදරණීය අම්මා - ලලනී ගීකියනගේ. රත්නපුර. 2025.05.28
කවිය බලන්න