සඳ කුමරිට

සඳ කුමරිට

ලුෂානි දමයන්ති කැකිරාව

තරු මල් නෙක පාට පාට ලංකාරෙන් පිපුනු දාට සඳු ඇවිදින් ගාට ගාට පාළු මකයි අහසෙ රෑට ⁣සිටියත් මම ගොඩක් පාත ඉඟිළ ගිහින් දුරක් ඈත තරු අහුරක් ⁣නෙළා දෝත එන්න හිතයි පවනෙ සීත සඳුගෙ වටේ ඇවිඳ යන්න තරුත් එක්ක හාද වෙන්න කියන කතා අහන් ඉන්න ආසයි මං ඔහෙට එන්න සඳේ කැලුම් මෝර මෝර මිහිමත ඉස හෙළන සාර වළා යටින් පීර පීර මට කියන්න එන්න පාර කැකිරාව
කවිය බලන්න