සමරමු සම්මා සම්බුදු හිමි......

සමරමු සම්මා සම්බුදු හිමි......

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

සම්මා සම්බුදු ගෞතම මුණිගේ නිම්මා නැතිදම් ගඟුලෙන් නැහැවේ නම්මා රසකව් මල්දම් විලසේ අද මා ගයනෙමි බැතිගී මෙලෙසේ සුරලොව තුසිතයෙ රජකම් හැරදා මනුලොව දඹදිව උපදින කුමරා ගිහිසැප හැරදා නිවනම සෙව්වා තුන්ලොව අගතැන බුදුබව ලැබුවා පන්සාලිස් වසරක් බණ කීවා සුර,බඹ,නර සැම නිති සැනසූවා අසූවියෙදි පිරිනිවනට වැඩියා ඒ මුනි ගුණකඳ සමරමු ‍ මෙදිනා
කවිය බලන්න