වෙසක් සඳ....

වෙසක් සඳ....

ඉෂංකා මිහිරි කුමාරතුංග

සුවහස් කල් පෙරුමන් සතියෙන් නිම්මා... දිනූ සදක්මය ලෝ තුරු තිලෝ ගුරු අපේ සම්මා... කුරවි සරෙන් බුදු නද සවන් පුරා තිව් පෙම්මා... නිවන් දොරටු ලඟ සිත් කෙලෙස නිව්වද පෙම්මා... මල් පීදේමය එදා සේම අද සල් රුක් සුවඳ පුරා... නැගෙන එකම අනුහසයි මෙත් සිහිලට සිත් පුරා... අභිනික්මන සොයා යන්නට එතෙර වූ ජල දිය පුරා.... රැලිති නගා අදත් සෙලවේ කන්තක දුටුවද සිට දෙව්ලොව දිහා... දොරක් දොරක් ගානේ රැව් දෙන තුන් රුවනේ ගුණ ගයා... දැවෙන රිදෙන සිත් සනහන වෙසක් සඳේ මහිම නිසා... ඉපදී මියයන මියදී ඉපදෙන සසර දාමේ අනියත කියා.... පිරිනිවීමක් නොදුටුවානම් බූදු සඳ...නිවේමයි දන ලෝ පුරා.... ප්‍රේමයක් ලද්දෝ අත් හැරීමක් කෙලෙස හෝ විදී.... සිනාවක් ලද්දෝ නෙත් තෙමීමක් මොහොතක දරා ගනී... විරහවක් ලද්දෝ ස්නේහයක් දිනක හෝ ලබා ගනී... නියත අනියත දහමේ බව දුක වෙසක් සඳ හිනැහී මියදී කියාවී.... ඉෂංකා මිහිරි යටියන්තොට
කවිය බලන්න