තුහිනයක් නිවන්නට  තුහිනයට ලෙහෙසිද

තුහිනයක් නිවන්නට තුහිනයට ලෙහෙසිද

පූජ්‍ය මහගම සීලානන්දහිමි වේයන්ගොඩ

වැහි පබළු ඇහිදින්න නිම්නයක් ඇවැසිද මිහි උයන් පල්ලෙකුත් මුවරදට සැහැසිද කොහි සිටන් කොහි යාද සසර ගෙයි නිවැසිද තුහිනයක් නිවන්නට තුහිනයට ලෙහෙසිද මැවුම් කරු හඟිස්සයි ඔවුනොවුන්ගේ වෙනස දිරුම් සීරුම් වලට රිදුම් යටිපෙල රහස පෙරුම් දම් පුරද්දිත් පතයි ළඳකගෙ පහස නැවුම් හැරවුම් දිගේ පිපෙයි හෙටටත් සරස ගොයුම් ගොත් කෙළෙස්නිවු අසහාය දුකර වත රැවුම් ගෙරවුම් ඇතත් මරුන් බිඳ දිනූ සෙත සෙවුම් විමසුම් අරිය දස්සනය දකින හිත තැලුම් රිදවුම් නිවයි මුනි දැහැනෙ රුවන් පත ආල මල් පිපෙද්දී රම්‍ය මන්දිර දෙපස නීල නයනාවියන් රැගුම් නාටක දවස සාල සල් වන ගැබෙක නිවා පැවසූ සුබස කාල කප් බදුරු යුග දිබ්බ සෝතයෙ දිවැස වැටෙන මිහිදන් සයන සුසානෙන් නිම නොවේ සටන පිළිමල් සිතය කෙළෙස් ගින්නෙන් දැවේ ගැටෙන හැප්පෙන ඇලුම් ගැටුම් සහසක් වැවේ තුටින නේරංජනා නදී රළ ගොස මැවේ
කවිය බලන්න