බෞතිස්මය

බෞතිස්මය

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

ගහකොළ නිදි සුළඟට නොසැළී මල් මුකුළිත වී සුවඳත් නොම දී පල-වැල කුරවල් වී ඇත නොපැහී වසන්ත කාලය වියැකුණි කුණු වී... බක් මස කොවුලන්ගේ හඬ ඇසුවෙ ද අඹ-දඹ-නාරං-කෙසෙල් කැණ් පැසුනෙ ද කොස්-පොල්-දෙල්-ගම්බිම්වල තිබුණෙ ද වක්කඩ කඩලා අටුකොටු පිරුණෙ ද... අපේ බුදුන් අප බලන්න ආවා හපේ තියන් කට වරදට නාවා ලපේ පෙනෙන හඳ නපුරට දාවා කපේ මෙ සුදු බුදු රස් මල් ගාවා... බුදු තෙමඟුල රජ වන මැයි මාසේ හුදු ජන සිත් තුළ ගුණ වැඩ වාසේ බොදු සිරිතට විරිතට දම් රාසේ පොදු ලෙස සරසයි හිත් මද-හාසේ... අමිල නිමල බුදු ගුණ සිලිලාරේ ධවල අතල මුල් පැණ පිළි වාරේ අයල අගිල විසකුරු මරු පාරේ විසල සසල සිත් අද නිති පෑරේ... හෙළ හැදියාවට බුදු ගුණ පිරුණේ හෙළයන් පිළිබඳ කියැවුණු වරුණේ ඒ බිඳිනට තැන තැන අප දෙරණේ ඇත කතිකාවත් දෙවියන් සරණේ... හැම කෘතියක් එක මිටියට ගන්නට හැම දිවියක් අසමාන නොවන්නට හැම සිරිත ද විරිත ද එක කීමට හැම දිරි ගනිමින් ඇත කඩමින් වැට... සැනැහෙන්නට මේ දහම් ප්‍රදීපේ වඩිනු මැනැවි යළි සදහම් දීපේ දහම් විභූතිය විකල්ප සාපේ නුදුටු බුදුනි ඔබ කොහි මේ දීපේ! 2025.05.01
කවිය බලන්න