ප්‍රීති වෙසක් ........

ප්‍රීති වෙසක් ........

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

බට පතුරුත් , සව් කරදහි අරගෙන අපි එදා සොයුරු සොයුරියන් එකතුව කූඩු හැදුව එදා කාර් එකෙන් සුපිරි වෙළද හලට ගිහින් මෙදා උජාරුවෙන් වෙන අය හැදූ කූඩු අරන් මෙදා ගඩොල් වලින් බැම්ම තනා මැටි පහනේ එදා තෙල් පුරවා එළි මැව්වේ සුදු තිරවැටි යොදා හනි හනිකට කඩේට ගොස් බකට් අරං මෙදා අඩුවට ගත් බල්බ් වැලෙන් එළිය ගත්තෙ මෙදා සුදු සරමින් , ළමා සාරියෙන් හැඩවී එදා අත්තම්මා එක්ක ගිහින් සිල් ගත්තනේ එදා කෑම කකා එල බයිටක් හපන ගමන් මෙදා ටීවී එකෙ රියැලිටි ෂෝ බණ මොනවද සුදා ලෑන්ඩ් මාස්ටරේ නැගිලා තොරන් බැලුව එදා වෙසක් මතක දුරයි තාම සතුටු මතක එදා දන්සැල් , ඔළු බක්කො ඩිස්කෝ නැති කෝලම් මෙදා ටික් ටොක් කර ගේම් ගහමු ළමයි කියයි මෙදා
කවිය බලන්න