ඉඩෝරය.

ඉඩෝරය.

ආරි ලියනගේ ඉතාලිය

සත් මසක ඉඩෝරය හදවත ඉරි තලා ගිය විරසක සිත් පලුදු කර නුඹ ගියා එතර ඉඩෝරයට.. වැලි කුණාටුවකුත් එකතු කර. වසන්තයේ පිපුණු මල නුඹ කනාටු මා හද ගෙවත්තේ මැද පරව ගියේ ශනිකයෙන් සුවඳ රඳවා මතක තුළ ඒ ඇරඹුමයි ඉඩෝරය හදවතක. ගිම්හානය සරත් සමයත් ගෙවීගොස් මට හොරාවට ශීත සෘතුවත් ඇවිත් දොරකඩ නොදැනුනේ මට හිත ඉඩෝරෙක. දැනුනු තෙතමන නාස් පුඩුවට හැමූ සුලගක බොහෝ දුරසිට සිහින් වැහි පොදක නිමිති ද නිමාවද සත් මසක ඉඩෝරය බලාපොරොත්තුව මිය ඇදෙන්නේ දිනක මා මියගිය පසුවමය.
කවිය බලන්න