ගාසා සමූලඝාතනය.

ගාසා සමූලඝාතනය.

ආරි ලියනගේ ඉතාලිය

වැටුනාද එක කඳුලක් හෙලුවාද එක දිඟු සුසුමක් සමූලඝාතනයක් ඉදිරිපිට අඳ ගොලු බිහිරියි මුලු ලෝකෙම අද. නිමේෂයකින් සමතලා වෙද්දී විලාප හඬේ දෝංකාරය කාන්තාරයේ විසිර ගියත් නුඹලාට නොඇසුනේ ඒ ලදරුවන් මිනිස්සුන් අපි නුඹලාගේ නොවෙන නිසාමද ඔතා රෙදි කඩ වල ගොඩ ගසයි දර මිටි ලෙස මරා දැමුවේ මෙලෙස ඇයි අහිංසක දරුවන් හඞාවැටෙන මව්පියන් කාන්තාරය තෙත් කරයි සැමදාම. එක් වෙලා එක දිනක මුලු රටම දල්වමු පහන් එක රැයක පතමු සැම මෙත් සිතින් නිමාවේවා මේ කුරිරු යුද්ධය.
කවිය බලන්න