මට  ලස්සනම  හඳ  මනමාලියයි සඳ

මට ලස්සනම හඳ මනමාලියයි සඳ

ආරි ලියනගේ ඉතාලිය

සවනට වැකුණු ගී පෙරදා දිනක රැයේ මාසිත තෙරපුවා නින්දක් නොමැති පැයේ මේ නගරයත් නුඹ අතහැර ගිය දිනයේ මාසිත හැඩෙව්වා නොතෙමා දෙනෙත් ප්‍රියේ. මා සිත හැඞෙව්වා සඳකිරණින් රැලවෙරලත් හාදු රැයේ සඳ කුමරියක් සිහිවුනි සඳ කැලුම් පැයේ සඳ කිඳුරන් රඟන මැදියම ගෙවෙන පැයේ සඳ මැණිකෙටයි ආදර කවි ලිව්වෙ ප්‍රියේ. තබාගෙන උරෙස් තලයට මුව කමල කෙහෙරැලි නටවන්න උණුසුම් සුසුම් වල දෙන්නට මෘදු හාදු දෙකොපුල් මත සිසිල ආදර සිහිනයකි සිත සිත් තමක් කල. වටකුරු වෙලා මෝරන්නේ වෙසක් හඳ මිටකට ගත හැකිද පෙරෙනා කැලුම් සඳ විටෙකදි දැනෙන තනිකම නුඹ නැතිව අද මට ලස්සනම හඳ මනමාලියයි සඳ
කවිය බලන්න