මොණරිඳු

මොණරිඳු

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

හිමිදිරියේම අප ගෙමිදුල තණ නිල්ලේ ලා හිරු කිරණ තුරු අතරින් එක එල්ලේ රටා මවන විට සිඹ මල් පියල්ලේ මනරම් රුවකි නෙත ගැටුනේ ඇසිල්ලේ තද නිල් පැහැය විල්ලුද මෙනි දිඟු ගෙලකී හිස මත කිරුල මෙන් දිලෙනා පෙඳ පෙලකී දිඟු පිල් කළඹ තාලෙට සැලෙනා ලෙසකී මොණරිඳු දසුන ඇස අදහා ගත නොහැකී තරමක් ලං වුණද කිසි බිය සැකක් නැත හුරු පුරදුවට මෙන් එහෙ මෙහෙ ඇවිද යත හිස සල සලා වට පිට යොමමින්ද නෙත පැදකුණු කළේ පෙන්නන්නද තුරුණු වත මෙතරම් දුරක වෙහෙසක් නොම බලමින්ද නඟරයෙ විසල් මන්දිර මග හරිමින්ද වෙන කිසිවෙකුට නොපෙනී නොම දැනෙමින්ද මගෙ නිවහනට මග කිව්වේ කවුරුන්ද මොණරෝ නුඹව කඳ සුරිඳුන් එව්වාදෝ සුවදුක් අපේ විමසන්නට කිව්වාදෝ නව වසරකට සුභ ආසිරි දුන්නාදෝ කවුරුන් නැතත් සුරකින බව කිව්වාදෝ හොඳ කල්පනාවෙන් වට පිට බලාපන් නපුරු දනන් ඇස නොගැටී මුවාවෙන් කෙටි දුර වුවත් හැකි අයුරින් පියාඹන් අප හොඳ සුවෙන් බව මොණරෝ කියාපන් 28.12.2024
කවිය බලන්න