වන අලින්ගෙන් පෙත්සමක්

වන අලින්ගෙන් පෙත්සමක්

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

ඉඩමේ මායිමට නිති ගහ බැන ගත්තූ අප යන මග ම හරහට වැට ගහගත්තු සාධාරණය සිත් තුල නැති අසමත්තූ මිනිසුන් නොවෙද තුන් ලෝකෙට නැති සත්තූ හඬගා අපේ උරුමය ගැන කියන්නට මහමඟ වසා උද්ඝෝශණ කරන්නට අපහට නොහැක මිනිසුන් මෙන් රඟන්නට එනමුදු සිතක් ඇත අපටත් සිතන්නට සිවුපා වුවද සංවරයක් ඇත අපට වනයේ සරන්නේ කවදත් රැළ එකට වැටුණොත් එකෙක් අනිකුන් එනවා පෙරට මුහුණට මුහුණ මිස අපි නැහැ සටකපට වන එළි පෙහෙළි කර ඉව බව ඉවත දමා ගහ කොළ සතා වැනසීමට නොමැත සමා අපගේ එකම නිවහන නම් වනය තමා ඒ ගැන සිතන්නට තවමත් කිමද පමා කවදත් නිදහසේ අපි සැරිසැරුව මග අවුරා දමා වියසනයක් කරණ වග නොසිතා පෙරට මිනිසුන් එයි රැගෙන කග තම උරුමයන් රැක ගන්නා අපිද දඟ සොබාදම් මවට නිසි ගරු නොකරන්නේ අප දිවි අයිතියට නිසිතැන නොදෙමින්නේ වන ඉඩ කඩත් දින දින ඇහිරී යන්නේ කවදද මිනිස් අලි ගැටුමන් නවතින්නේ මාවැලි කුමාරි කුලතුංග මහනුවර 20.10.2025
කවිය බලන්න