වෙනදට එන රිලවු...........

වෙනදට එන රිලවු...........

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

වෙනදට එන රිලවු අද නම් නෑ බලවු උන් දනීද විනාඩි පහ තොපිට පිස්සු බොලවු ! එළිය වැටුණු වෙලේ ඉත්තෑවුන් ගුලේ ආපසු උන් එළි බහින්නෙ අඳුර වැටුණු කලේ ! දඬු ලේනුන් කොහේ සොයා ගමුද කැලේ රිළවු හොයන අතර වාරෙ උන් පැන ගොස් රැලේ ! රිළා ගහනෙ බිංදුවයි දඬු ලේනුන් බිංදුවයි රණ මොණරුත් බිංදුවයි ඒ මෙහෙයුම බිංදුවයි ! රහසක් මම මෙසේ පවසන්නද කෙසේ ? මෙහේ හිටපු රිළවු අන්න ගොහින් කවුන්සිලේ !! Photo Credit;Cassie Gallegos
කවිය බලන්න