ඔබමයි මව්නි සිත්මල රැඳි  මකරන්ද

ඔබමයි මව්නි සිත්මල රැඳි මකරන්ද

නදී ශානිකා මහනුවර

තිමිර පටල බිඳදා ගණදුර බින්ද තරුපති ඔබ තමයි දිවියේ දුක් සින්ද මහමෙර සදිසි සෙනෙහස නිති හද බැන්ද ඔබමයි මව්නි සිත්මල රැඳි මකරන්ද දිව රෑ දෙකෙහිදිම දරු පෙම සිත් බැන්ද මහ සයුරටත් වැඩි දුක් කඳ ඔබ වින්ද දිව ඔසුවකි නිබඳ හදවත දුක් සින්ද අම්මේ ඔබ වගෙයි මට සමනල කන්ද රස මසවුළු තනා සෙනෙහෙන් කවන නිති ඔබවන් කෙනෙකු ලොව අන්කිසි තැනක නැති ඔබගේ ඇකය තුල දෙව්ලොව සිසිලස වෙති අම්මේ ඔබට දෙවියන් නිති අසිරි දෙති
කවිය බලන්න