සොයන ජීවිතය........

සොයන ජීවිතය........

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

තඹර විල මැද සරණ හස කැළ සොඳුරු මනරම් දසුන් මැව්වා පිපුණු පියුමන් වලින් මත් වී බඹරු රැඟුමන් රැසක් මැව්වා සොඳුරු හසකැන් වලින් එක්වී අනාගතයට සිහින මැව්වා මිදුණු සිතිවිලි ගොළු වු හදවත් අතීතයෙ දුක් සිහින මැව්වා. දූලි අතරින් නැඟුන පා යුග අතීතයෙ විඳි ගැහැට කිව්වා වැටෙන විට අත දුන්නු සැම දෙන මිනිස් දහමක කරුණු කිව්වා දිරිය ඇති සඳ අනාගතයම මිහිරි වන බව සිතම කිව්වා කඳුළු අතරින් සිනා වෙද්දී සිහින එය මැයි හදක් කිව්වා. පලා යද්දී සෙනෙහෙ කල අය නැඟුන සෝ ගිනි හදක් දැව්වා කඳුළු බිඳු නෙත් අඟින් ගිලිහී කොපුල් තෙමිලා එගිනි නිව්වා සහන් එළි දැක අඳුරු නුබ තුල ජීවිතයෙ රස මෙයැයි කිව්වා කාලයේ වැලි තලාවේ වැටි වැටී අපි ජීවිතය සෙව්වා. නුගේගොඩ.
කවිය බලන්න