දිය කිඳුරිය සේ

දිය කිඳුරිය සේ

අමිතා පද්මකුමාරි

උණුසුම්ව ළයමඩල
දෙනෙත් අඩවන්ව
දෙතොල් පොපියමින්
දැවෙන සියලඟම
වැළඳගෙන සියුමැළිව
හොවා සිසිලැල් පහසේ
ගත සිතම සැනසෙමින්
නැඟෙන රැලි අතරේ
කිමිඳෙමින් තව තවත්
පාවෙමි උන්මාදයෙන්
දිය ගැබේ කිඳුරියක සේ
මුදාහැර සිතුවිලි රැහැන්

කවිය බලන්න