නිවේවා යුධ ගිනි

නිවේවා යුධ ගිනි

අනුරාධා ගුණසේකර හොරණ

ඇවිලෙන්නෙ හීන අළු දූලී හා මුසු වී හිනැහෙන්නෙ කොහොමද මල් යාය පර වී පියඹන්නේ සුරඟනන් හුස්ම මැද සිර වී දිනන්නේ කවුරුන්ද නෙත් කඳුළු බර වී ප්‍රේමයක් හිත කොනක තිබුණ නම් ගෑවි මේ තරම් මල් කැකුළු මියැදේ ද අළු වී වෛරයෙන් ක්‍රෝධයෙන් මුළු ලොවම රතු වී සාමයේ දෙවිදුවත් අද කොහෙද සැඟ වී හිත් පුරා ඇවිලෙනා වෛරයන් නිවෙන්න ආදරය වපුරා මල් කැකුළු පිපෙන්න දැන්වත් පැතිරෙනා යුධ ගින්න නිවෙන්න හිත් පුරා ආදරය අරන් වැසි වසින්න
කවිය බලන්න