සිත්තම් කර හිත අද්දර , යමුද හිතට පෙම් පුරන්න…..

සිත්තම් කර හිත අද්දර , යමුද හිතට පෙම් පුරන්න…..

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

ඇහිපිය යට හීන තියා දග කරනා තරු ගනින්න කිරි බැබළෙන හඳ පානේ විසිරෙන පිණිබිඳු දකින්න සේපාලික කුමුදු පොකුරු සුවඳ මැදින් ඇවිද යන්න නිසල රැයක ඔබත් මමත් යමුද හිතට පෙම් පුරන්න කන්දේ හැපිලා මුවා වෙලා බලන්න අඩ සද මැවු රූ ඇඟිලි තුඩින් හිස පිරිමැද දෙන්නද හාදුවක් සොඳුරු සිත්තම් කර හිත අද්දර ලස්සන කවි ගීත සින්දු අපි මැදි විය පහු කලාට තාමත් ආදරේ තරුණලු
කවිය බලන්න