පියාගේ අනියම් පෙම්වතියට

පියාගේ අනියම් පෙම්වතියට

බී.පවිත්‍රා අංජලී ලීලාරත්න ආලංකුඩාව

පස්වසක බැඳීමෙක සලකුණයි අද මා අමිහිරිය ආ ගමන කඳුළු කැට උණනා පණ කෙන්ද මවගේ ඔහු ...ඔබ වෙතට ඇදුණේ දැන දැනත් වරදේ කිම ද ඔබ බැඳුණේ... පියා යැයි කියනා රුවක් මට නැත්තේ අයිතියක් නැති වගට ඉරකි මට ඇඳුණේ... උරා බිව් කිරිවලත් කඳුළු රස දැනුණේ දෝරගැලූ කඳුළු ගඟ මගේ දෙකොපුලයි තෙමුවේ... දොසක් නැති ළයෙහි ගිනි පුපුරු දිලුණේ රෑ දිවා නොබලා මා ඒ ගිනියමෙන් දැවුණේ... ඉහිරෙනා සිනා හඬ මන්ද නුහුලූයේ වෙර දමා හනි හනික කැදලි තුටු බින්දේ... නුඹෙන් කිම වූවත් මව් නැතේ වෙරක් බැන්දේ සමසිතින් උහුලන්න නිති වෙහෙස දැරුයේ... එක සිතට පෙම් කළැයි දඬුවමක් දෝ ලැබුණේ එහෙව් මව් විඳි දුකක් දෙවියනුත් නෑ බැලුවේ... නොසිටිනා මුත් ඒ සෙවනැල්ල ඈට නිතරම පෙනෙන්නේ කරුමෙකට දෝ මගේ රූ කය ඔහුට සම වී වැඩෙන්නේ...
කවිය බලන්න