සැපයට කරමු හරිදෙය

සැපයට කරමු හරිදෙය

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

යන යන තැනදි කරනුයෙ අන් අයට වින පැන පැන පණ නසති සතුනගෙ හිසට ඇන දින දින ගෙවෙන විට කාලය නොදැන මන ගැන ගැන සිටිනු ඇත දින ඔහු නිරයෙ යන බල බල කළ යුත්ත නොපැකිළ නොකළ කල සල සල කඳුළු මුළු දිවියම වැටෙති වල පල පල ඇවිද පින කළ අය පබල දල පල කළ ඵලය දැක කරලමු කුසල බල දර දර නොයෙක් දුක් කරදර සිතෙහි බර කර කර පමණ නැති වැඩ යමු ගමන දුර දිර දිර යන කයට සිත සවි එකතු කර මර මර කෙලෙස් මරු ඇරගමු නිවනෙ දොර මද මද නොවේ පොදි බැඳ දුක් කඳුළු මැද ලද ලද දෙයින් තුටුවී දිවි ගෙවන සඳ සිඳ බිඳ දමා වද දෙන නෙක ගැටළු කඳ අද අද ලද යුතුය ඔද හද බැදෙන ලෙද බිඳ බිඳ අඳුර බිඳ පුර සඳ නැගෙන සඳ ඉඳ ඉඳ එළියෙ කණමැඳිරියො විඳිති වද සිඳ සිඳ වෙහෙස දන කැල නිවහනට වැද වැඳ වැඳ බුදුන් හද බැතියෙන් පුදති පුද වෙර දර දරා සිදුකර කර වැඩද බර දුර හැර දමා ලන්නට අපි කරන වැර තිර සර නොවේ සසරට මඟ තිබෙන වර වර තර නිවන සැපදෙයි දුක නතර කර
කවිය බලන්න