සුවඳ ඉතිරි කර යමි Inbox

සුවඳ ඉතිරි කර යමි Inbox

අනුරාධා ගුණසේකර හොරණ

නකජීමා සං...
සපථ වෙමි
ලෙන් දොර නොබිඳිමි
නුඹ ප්‍රිය දියණිය
අරන් පිට නොවෙමි...

වැදි රජු අතින් මා
මිය ගියොත් යමි දිනෙක
මළවුන්ගේ අවුරුද්ද
ආයෙමත් එනතුරා
තනිවේවි වනය මැද
අහිංසක නොරිකො සං...

ලෙන් දොර වසාලම්
ලෙන් දොරෙන් පිටව යමි
ඇය කිව් හින්දාම
සුවඳ ඉතිරි කර යමි....

කවිය බලන්න