ලන්ඩන් අහස

ලන්ඩන් අහස

ආරියරත්න ජයසිංහ මහරගම

සඳවත වැසිලා වලාවකින්
කුණාටුවක පෙර නිමිති වගෙයි
දෙනෙතින් විදුලි කොටයි
මේඝ ගර්ජනාද ඇසෙයි

එසැණින් කඩා හැලෙයි
වැස්ස වැටෙයි දෙනෙතින් රූරා.

මොහොතින් නිසසල වෙයි
ළා හිරු පායා එයි
ඇගේ වත පැහැබර වී
ටික ටික අව්ව වැටෙයි.

ලන්ඩන් අහස වගෙයි
වැස්සක් නොවැටුන ගානයි.

කවිය බලන්න