මතක සුවඳ

මතක සුවඳ

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

වසරක් ගතවුනා දැනුනේ නැති තරම
කටහඬ සුවඳ නිරතුරු දැවටෙයි ලඟම
ගමනකි මෙය දිනෙක අප කාටත් උරුම
අත්වේවා ඔබට නිවනේ සුව පරම

නෑදෑ හිත මිතුරු සමගින් සැදැහැ සිතින්
ඔබෙ ගුණ සුවඳ සිහිකරමින් තෙමුණු නෙතින්
සඝ ගත දක්ෂිනා පුද දී ඔබගෙ නමින්
අනුමෝදන් කළෙමු පින් පෙත් පිරුණු බැතින්

දූ දරුවන් සමග සතුටින් ඉපිලෙද්දී
ඔබටත් හොරෙන් ඔබ දිවියෙන් සමුගද්දී
පිළිගනු නොහැකි සිත තවමත් වැලැපෙද්දී
වෑවෙමි කෙළස ඔබෙ සිනහව සිහිවෙද්දී

මුවගෙහි සිනාවන් සැමදා පවතීවා
දුක් වේඳනා කිසි විටෙකත් නොමවේවා
යස ඉසුරින් සපිරි දිවියක් අත් වේවා
නිවන් දකිනතුරු යළි යළි හමුවේවා

28/08/2023

කවිය බලන්න