අවදානමේ මොහොත

අවදානමේ මොහොත

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

වට වංගු මාවතේ එන කල තුරු ලතා කඳු ගම් දනව් පෙළ මතක සිතුවම් කළා අහසේ දුකට ආපසු හැරී බැලුවා වියරු හඬ දෙන බිය උපදවන රුදුරු දළ රළ රකුසු වෙස් ගෙන අසුරු සැන මා උගුල පැටලී අතුරුදන් වෙද ගොදුර විලසින අසරණව සිතිවලි රිද්දනා මොහොත වෙද උඩුගං පීනනා කවුරු කවදා ගියෙද එලෙසින් අවදානමේ ⁣මොහොතින් මිදී නුහුරු නිසසල බව හැඟෙන්නේ අනන්තය නොවෙදෝ පෙනෙන්නේ ⁣⁣බිය දොම්නස් සිතිවලි වියැකී මහසයුර මා බව වැටහිණී (ඛලීල් ජිබ්රාන් කිවිඳුන්ගේ 'බිය' ඇසුරින්) 2021 නොවැම්බර්
කවිය බලන්න