වැලිකතරේ කතකට...

වැලිකතරේ කතකට...

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

උපමා රැගෙන සඳ තරු හා දේදුනු ද වැනුමට හැකිය නළලත නෙත් ඇහිබැම ද සඟවන නිසා කලු සලුවක පහස වි ඳ ඉතිරිය වතේ දැකුමට බාදා ඇයි ද ගිරා තුඩක හැඩ දෝ ඔබගේ නා සේ නාදලු දෙතොල් පොපියාදෝ මද හා සේ රෝස පැහැය ඇතිදෝ කම්මුල් දෙප සේ සිතින් සිඹින්නට අවසර දෝ රහ සේ ඇත්දල වැනිද ඔබගේ අත් යුගල ළ ඳේ දෙනවද අන්දන්න සාරිය සුමට බ ඳේ රස්නය වැඩි කමට තෙරපෙයි නම් ලමැ දේ නිදහස් කළ නොහැකි තිසරුන් හිතට ව දේ නිතඹත් සමග කෙහෙරැලි එක දිසාව ට පැද්දෙනවා ඇති ද ඇවිදින ලතාව ට සිහිනිඟ පුලුල් උකුලක් ගැන සිතීම ට ඉඩ නැත වැසුණු හින්දා දිග ඇඳුමක ට ඇස් දෙකකට පමණි ඔබ රුව දැක ගන් න අවසර ලැබෙන්නේ සැමියා වී ඉන් න ලස්සන දකින්නට ආසා ඇස් තියෙ න අයටත් දෙන්න වරයක් එය දකින පි න
කවිය බලන්න