සමබර මිනිසාණෙනි

සමබර මිනිසාණෙනි

නීතීඥ සුනේත්‍රා යූ ආර් වනිගසේකර වත්තල

සිහිවෙයි නිබඳ ඔබ වැඩසිටි අරණ මුනිවරයාණෙනි, කිමද වැඩියේ සෙයිලමට....... ඔබ ගැන මගෙ සිතැඟි කියනෙමි මෙලෙස කවිකර ........ ලියනෙමි මෙලෙස කෙටිකර සර්ගයක් වුව ලිවිය හැකිය මට ඔබෙ යහගුණ මෙලෙස කියවා ඇතිය මා ඔබ දුක සැප සම සිතින් වළඳන නොකිපෙන වරදකදි පුහුදන වියපත් වුවද බෙදමින් ඔබෙ නුවණ නොසැලෙන අටලෝ දමේදි කිසිදින ඇදුරාණෙනි කියනු මැන මට ........ ඔබ වැඩූ සිත අපමණ...... සොඳුරු මිනිසෙක් ඔබ ලොව තුල ඇසුරු කෙරුමට නිරතුරු එහෙත් අප මිතුරු දම් ලඝු විය කාලය මැවූ අරුමය ..... සදා වාසනා කිවිඳුනි....... අපමණ ප්‍රීති ගායනා ඔබ ගැන ....... සුබ උපන්දිනයක් වේවා පතනෙමි දිගාසිරි ලාල් අයියේ ඔබහට ..........
කවිය බලන්න