දත්තාමය පසක් කොට වැඳ පුදමි අමල්
වින්දන කසුන් මෙනි දනවන තාලයක
චන්දන නඳුන් ගල්වන සුව කාලයක
සුන්දර දසුන් මොහොතක පිංතූරයක
පන්වපු අසුන් දහසක හිමි ආලයක
සඟවා නෙහෙන රහසක් දැණුමට මල්ලේ
බඳවා දහස් ගණනින් සිසුවන් එල්ලේ
රඳවා මැනැස් නිතැතින් සරසා දල්ලේ
සොඳවා යසැස් විය ප්‍රිය ගුරුතුම රැල්ලේ
සුරතින් රැගෙන සරසවි පණ්හිඳ යෙහෙකී
නිතැතින් ගෙතුම්. කවිපද, ගී යක රහකී
වෙසෙසින් එකෙක් එක් දෙයකට බොරු බහකී
පහසින් සෙවන කප් රුක තිබෙනා රුවකී
හෑගොඩ නාමයට සාධාරණය කල
පීදුන ගොයම ලෙස නිරහංකාර සැල
තේජස සමඟ දළ ඇත් රජ විළස බල
කාටද වෙන්න හැකි සම තැන ගන්න ගිල...?
හැත්තා නව වසක් ජයධජ කිරුළ නිමල්
ගත්තා කග අරක් පසුකොට තිබෙන විසල්
මෙත්තාමය බරක් ගුණ ඇති සුනිල කමල්
දත්තාමය පසක් කොට වැඳ පුදමි අමල්
ලාල් ගෑගොඩ ගුරුත්මන්ගේ 79වැනි ජන්ම දිනය වෙනුවෙන්,
නිදුක් නීරෝගී සුව පතා , උපහාර වශයෙන් කවි කරණ ලදී
