"අහෝ මාගේ සෙනගෙනී තට මම කුමක් කලෙම්ද..
"අහෝ මාගේ සෙනගෙනී තට මම කුමක් කලෙම්ද
කුමකින් තට මම පීඩා කලෙම්ද මට උත්තර දෙව
එජීප්තු දේශයෙන් මම තා පිටතට ගෙනා නිසා
තගේ ගැලවුම්කාරයන්ට කුරුසියක් තෝ ජෝඩු කලෙහිය"
-දුක්ප්‍රාප්ති විලාපය
සිඟිති කෙස්මුල් අගිසි මළ මුත් හුස්ම ගන්නා ගස්ය
ලදළු වැනසී කවඳ විතරක් උරුම වූ මල් පැලය
ඉඩක් ඇති මුත් හදක් නොගැහෙන හිස්ම හිස්වූ පපුය
හතක් අවුරුදු ගෙවී ගියමුත් තෙතින් තෙත්වුනු නෙත්ය
මරා වළලා සැඟවු සොරාගත් ජීවිත
කතා අසුරා වහන මල්වඩම් පොත් මත
කුරුසයක ඇණ ගසා කතිරයක වතගොත
අනේ තවමත් අඬති අතගගා හදවත
පුරා ලය මඬල තුල කල්වාරි කන්දම
දරා යමු උරහිසින් ලේ වැකුණු කුරිසිය
හඬා හඬවා නිතින වද බෙරේ ගීතය
නිදා ඉන්නා තැනක යුක්තියේ සත්‍යය
පුරා ලය මඬල තුල කල්වාරි කන්දම දරා යමු උරහිසින් ලේ වැකුණු කුරිසිය හඬා හඬවා නිතින වද බෙරේ ගීතය නිදා ඉන්නා තැනක යුක්තියේ සත්‍යය අප්‍රියෙල් 21, 2026
