යුද්ධය හා කඳුලු
නැගිටපන් මල්ලියේ
පාතිමා කෑගසයි
වහලයක් කඩාගෙන
බෝම්බය පිපිරිලා
ගිනි වලලු ඇග උඩ
පුන්චි දරුවන් මියැදිලා
සමහරක් කෑගසයි
ලේ විලක් මැද ඉදන්
සුන්වූ දෙපා සමගින්
මල්ලිවත් කර පින්නාගෙන
පාතිමා එක පිම්මෙ
දිව ගියා ගෙදරටම
ගෙදරටත් ඒ වෙලේ
කණකොකා ඇවිදින්
වහලයත් බිමවැටී
ගෙදර සැම මියදිලා
දෙපා සුන් මල්ලිව
තිබ්බ අම්මගෙ තුරුලෙම
ඇස් ඇරන් හිටිය මිස
නෑ ඇහුනෙ කෙදිරියක්
කෑ ගසා හැඩුව මුත්
නෑ කිසිම කෙනෙක්වත්
ආවෙ අපෙ පිහිටට
මුලු රැයක් පුරාවට
නරයින්ගෙ කඳුලකට
උණුවෙන දෙවිදු අසුනට
දුක නොදැනෙන්නෙ ඇයි මේ
අසුන ඒ සී කල නිසාවත්ද
