සතපා එන්න සතපා …..

සතපා එන්න සතපා …..

දීපා ද සිල්වා ලන්ඩනය

කලකින් මුණ ගැසුන පෙම්වත් හමු වීම
නීල සලුපටේ රැස් කද බැබලීම
චාමර සලන මුදු මද නල දැගලීම
සංකා සෝ නිවේ රජිදුගෙ පැමිණීම

නාගනු රිසින් දිගු කර තම අතු පතර
සැරසෙයි වැලද ගන්නට සිය හිත මිතුර
යලි ආ වසන්තය තැවරුව හද මිහිර
මී පැණි කන්දකින් ගලනා දිය දහර

තැන තැන දුවන වෙස් ගත් සුදු වළාවන්
සැණකෙළි සිරිය උසි ගන්වන ඉනාවන්
සැමටම බෝ කරන සතුටේ සිනාවන්
කැන්දා ගෙනෙයි ලොවටම වාසනාවන්

සගවා සිටිය කුසුමිගෙ රන්වන් මුහුණ
බලා ගන්න හැකි විය පෙර කල පිනෙන
සතුටදි පමණක්ම හිත ලග තනි රකින
බබරෙක් කැරකුනා සිප ගන්නට උවන

නාබර තාලයට කැලතෙන සිතුවිල්ල
කෝඩු හිතට පිණි ඉස්සන අරුණැල්ල
නිල් විල් තලාවේ පොපියන හද සොල්ල
නව ලොව දකින පත් සියයක සැරසිල්ල

Photo Credit: Robert Schwarz

කවිය බලන්න