තනිවුනු සිත්
කුටි දෙකක අප සිටිමු
නෙත් සමග සිනාසෙමු
සිත් තුළට නොවෙන යොමු
සෙනෙහෙ මදනල විඳිමු
දූ පුතුන් එක් රැස්ව
සිටින්නට නිදහස්ව
සිතා අප වෙති තොස්ව
සිර කළෙද අනලස්ව
අප එකට වී සතුටු
දිවි ගෙවූ'යුරු නොදුටු
අය කෙසේ තුටු පහටු
කරාවිද සිත් අරටු
ඔබට මා මතක නැති
එය මහත් දුකක් දෙති
අපේ සිත් සිරව ඇති
ලෝකයක් අපට වෙති
පෙම් කවක් ලියන්නට
ඇත සිහිය තවම මට
නමුත් රස විඳින්නට
හැකිවෙයිද එය ඔබට
ප්‍රස්තුතය-එදා පෙමින් බැඳුනු, අද මහලු නිවස්නයක වෙසෙන යුවලක්
පිළිබඳ සිතිවිල්ලක් ඇසුරෙනි.
