සඳවත හා මම
ලොවම නිසසල සොඳුරු යාමෙක
තාරකා මල් පිපෙන මොහොතක
ජීවිතේ ලද අත්දැකීමක්
සරා සඳ මඬළින් පෙනේ
මුවෙන් මුව ගා අතින් අත ගෙන
තිර පැතුම් පැතු හිතැතියෝ
මා සිනාසෙන සතුටු මොහොතක
සතුටු වූවෝ පා සිනා
පසු දිනෙක මා පැතුම් සුන් වී
හැඬූවෙමි ඉකි බිඳිමිනා
නිහඬ බව දැන් දෙනෙත් හැරි විට
හැඬුවෙ මා පමණකි එදා
දිනෙක තරු පිරිවැරූ සඳවති
නැවත තනි වූ සඳවතී
දිනෙක හද බැඳි අය සමග මා
යළිදු තනි මා පමණකි
ලොවේ එක බඳු දෙදෙනෙකි
ඒ මෙමා හා සඳවතී
10/03/2026
කවිය බලන්න
