ශාංකාව

ශාංකාව

හිරු බැස ගිය විටදි එදවස අමාවක තරු දිළිසුනද අඳුරුය මුළු ගම් පියස තුරු හිස් සැදූ සිසිලස දෙයි අමා සැප රජ දහනකිය වවුලන් වැනි විහඟුනට නිදි නැති රැයේ වවුලන්ගේ තටු හඬට කන්දී නුඹෙ ලොවේ තනිවී හඬන විට නිදි වරමින් ම’සිටි මොහොතේ මගෙ හදට නැගි කම්පනය තවමත් වද දෙයි සිතට හිරු දුන් කටුක රශ්මිය නුඹෙ පිට දිගට කළු පැහැ දුන් ලෙසයි හැඟුනේ විටෙක මට දෑතේ ලේ පාට කරගැට මතක මට පුපුරා ගොසින් අඳුරෙ දන වග කියූ විට බුයි මුදලාලිගේ ගම මැද කඩේ ළඟ දර්පනයට එබී මගෙ මුව දකින් සඳ සිහියට නැගී නුඹෙ නළලත විහිදු හැඩ මසිතට නගේ තනිකම ගත නොහැක මැඩ පායන කලට නුඹෙ පතුලේ ඇඳුන රටා මට සිහිකළේ වැව් පතුලේ තිබුණ රටා සොහොනට ගිය දිනෙක වැසි නැති දිනක ඉටා දුටුවා නුඹෙ පතුළ රතු පස් කන්ද වටා සිතුණා පස් කන්ද ඇරලා බලන්නට නැගුණා සිතේ හොල්මන් බිය සැණින් මට දෑතින් පිසදමා දාඩිය කඳුළු කැට පිය නැගුවෙමි සෙමෙන් කන්දේ පන්සළට
කවිය බලන්න