ඇය ලියූ එකම කව - Maithri Panagoda
දශක හයකට එපිට
ළද බොළඳ යව්වනේ
ඔබේ කවි ගී අතර
ගැවසුනා - තනිවුනා
ළංවෙන්න වරම් නැති
නිල් දියර විල් තෙරක
පිපී දිදුළන ඔබට
පෙම් කළා නොකියාම
හුදෙකලා සිහින මැද
මා ඉවත බැලු සැනින්
අදිසි සුකොමළ අතක්
ඔබ නෙළා - ගෙනගියා
මීදුමක අඩ අඳුරු
හැඟුම් අසරණ වුනා
මා හැඬූ කඳුළු බිඳු
කාලයේ වියැළුණා
ගමන් මග දිවි පෙතේ
අවසාන අදියරේ
එදා සැඟවූ හැඟුම
කොනිත්තයි මගේ හද
ඔබේ කවියක
කෙටිම පදයක
අකුරු ළකුණක්
වුනත් ඇති මට
කිවිඳුනේ
