දිත්වාව සහ හෙලයා
වන ගහන සුරැකී
පැවති කදුරට කොමළී
දිත්වා සුලං දැඩිවී
කරපු විපතක්
මෙලෙස දිස්වී......
දශක වස් වැඩුණා
හරිත වන රොද දිළුනා
වැසි සුලං හැමුවා
නිමේෂය රුක්
දහස් වැටුණා....
තැන තැන ගෙවල් ඉදිවී
බෑවුම් කන්ද දියවී
සුළි සුලං රළුවී
දහස් ජීවිත
පසට යටවී.....
පාලක වෙත ගැරහුම්
කදු සිකර නැත සැලකුම්
බෑවුම් නිවෙස් තහනම්
ගෙබිම විය
මුඩු බිම්..........
සහන රැස් හිමිවී
අවතැන් දිවි සවිවී
හෙට දිනය සරුවී
පැතුමක් ලෙසින්
ඉටුවී.....
නමුත් අප හෙලයා
වෙනස් දිවි අකමැතියා
දිවි පරදූ තබා
නැවත සිටිතැන්
නිවෙස් හැදුවා....
