ස්ටෑන්ඩඩයිස්ඩ් කර්ව් - මනුසත් චක්‍රය

ස්ටෑන්ඩඩයිස්ඩ් කර්ව් - මනුසත් චක්‍රය

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

(Standardised normal distribution curve) සමාජ මාධ්‍ය නම් ආතල් ටීකා ටිප්පනි වැරදි මත අදහස් වලින් සිරි බරිනි බහුතරය නිශ්ශබ්ද සුළුතර රැහැයියනි හදවතට කතාකර අහපන් තොපි හරිද යකුනි ඕනෑම හුදීජන සමූහ සාම්පලේක ‘අපතයො’ නැතෙයි කියනු කෙලෙසක අම්බරුවොද ඇති වග කෙලවරක දැන ගත යුතුයි සැවොම එක විලසක දෙවියො හත් දොහෙන් ඒව-ආදම් මැව්වා දිවියේ රස දෙන්න විචිත්‍ර මනුසතුනද මැව්වා ස්ටෑන්ඩඩයිස්ඩ් කර්ව් මත උන් සමතල වූවා අපත අම්බරු ඔලුගෙඩි වම් කොන සැතපූවා දකුණු කොනේ සුසුදු සුගුණ මිනිසුන් වැජඹූවා උන්ගෙ මොලගෙඩි මුදු වෙඬුරෙන් නැහැවූවා ඉච්චා වසුරු රජ වෙන තැන් ඇස ගැටුවා රුවිතෙට හිතා කිරිගහට කොටන කල්පිරුවා හරියට කළොත් මොන දේටත් අවැසි හොඳහිත හා කැපවීමයි සම-හරක්ට වැරදියටම පෙනෙයි කොරහෙත් අත දාගත නොහැකිමයි ඇස් ගෙඩි වල රොඩු පිහදානකොට නැව ගොස් හමාරයි ටටා බායි සුගුණන් නැව් නැග්ගා අපතයො පල් වෙන්නෙ එතැනමයි! 30/10/25
කවිය බලන්න