සරු ගේය පදවැල් අතුරා...

සරු ගේය පදවැල් අතුරා...

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

සරු ගේය පදවැල් අතුරා නිති සතුට බෙදමුද මිතුරා නව නළු රසය ගෙන කලතා මිහිමඩල .... රඟමඩල ....සරු සාර කල වියතා ..... සරු මහරු පදරුත් ගලපා සුරු අනගි නිමැවුම් කෙරුවා // තරු අකුරු මත හිත රඳවා ගරු නමක් මෙහි පැල කෙරුවා සරු ගේය පදවැල් අතුරා.... හෙළ ලකුණු මතකය ඔස්සේ පසුතලය හැඩවී ඇත්තේ // අප වෙසෙන මේ හිම පියසේ ලක් මතක වැසි වැටෙනාසේ සරු ගේය පදවැල් අතුරා.... කෙටිකතා පොත් පිටු අතරේ මුල් සමයෙ ටෙලිනළු මැද්දේ // නිති මතුව එන යන සබදේ අපි පතමු ජය සිරි නිබදේ // ගී පද - අනුරුද්ධ වැලිගමගේ සංගීතය - තරිදු ජයතිලක, ගායනය - ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා සහ රිසෙදි රුවන්සා කරුණාරත්න සටහන - ටොරොන්ටෝ ප්‍රජාවේ කලා කටයුතු වලදී නිරතුරු තම දායකත්වය දක්වන බන්දුල කුරුවිට ආරච්චි මහතා වෙනුවෙන් පැවති ප්‍රණාම උළෙලේ උපහාර ගීතය
කවිය බලන්න